දකුණු කොරියාව සිකුරාදා දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 323ක් වාර්තා කර ඇති අතර, ඉන් 308 ක් දේශීය සම්ප්‍රේෂණයන් බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) පවසයි.
පසුගිය සති දෙක තුළ රටේ තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් 19.4%ක ආසාදන මාර්ග සොයා ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇති අතර, වසංගත රෝග පරීක්ෂකයන් තවමත් ඔවුන් කුමන පොකුරු ආශ්‍රිතව ආසාදනය වූයේදැයි සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව KCDC මධ්‍යස්ථානයේ උප අධ්යක්ෂ ක්වොන් ජූන්-වූක් පැවසීය.
මේ වනවිට තහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307 ක් අගෝස්තු 15 වන දින සෝල් නුවර පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ බව KCDC මධ්‍යස්ථානය වාර්තා කරයි.
දකුණු කොරියාවෙ තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 19,400ක් වන අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 321කි.