තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා - රන්ජන්
තමන්ට තොරතුරු දුන් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවත් පසුගිය කාලයේ තමන් විවිධ පාර්ශ්ව සමග කටයුතු කළ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
තමන්ගේ හඩපට නිකුත් වීම පිළිබඳව අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහද් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මගේ සටන හොරුන් මිනී මරුවන්, එතනෝල් කාරයන් නීතිය ඉදිරියට පැමිණවීම. එතනදී මම ගන්න ක්‍රමවේදය සදාචාරත්මක නොවෙන්න පුළුවන්. සමහරු කියනවා මම දුරකතන ඇමතුම් පටිගත කිරිම සදාචාරාත්මක නෑ කියලා.
මම පසුගිය යුගයේදීම විවිධ පාර්ශ්ව සමග කටයුතු කළා. මට කථා කරන්න වෙනවා හොරුන් එක්ක. සී.අයි.ඩී. මහත්වරුන් එක්ක, අල්ලස් කොමිෂමේ, බරපතල වංචා කොමිෂන් සභාවේ, හිඟන්නන් සමග, ගණිකාවන් සමග, ගෑණු ළමයින් , විනිසුරන් සමග විවිධ අය සමග මට කථා කරන්න වෙනවා.
මේ ගැන අවධානයෙන් බුද්ධිමත්ව බලන්න. විනිසුරන්ට මම බලපෑම් කළා කියනවානම් මම මගේ පෞද්ගලික නඩුවලට කථා කළේ නෑ. රන්ජන් රාමනායකට බෑ විනිසුරුවරයෙකුට කථා කරලා නඩු තීන්දු වෙනස් කරන. මම තාම නීති ශිෂ්‍යයෙක්.
මම කොහොමද අධිකරණයට බලපෑම් කරන්නේ. අවුරුදු ගාණක් තිස්සේ අහපු නඩුවකට මම කොහොමද බලපෑම් කරන්නේ. මට තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. ශානි අබේසේකර කියන්නේ මම දැක්ක ශ්‍රේෂ්ඨතම සී.අයි.ඩී. නිලධාරියෙක්. මම ශානි වෙනුවෙන් පෙනී සිටිනවා”

-
Champa Thursday, 09 January 2020 01:35 AM
තමන්ට එහෙම ටෙලිෆෝන් එකෙන් හොරු අල්ලන්න නීතිමය බලයක් දුන්නේ කවුද? ඊළඟ බරපතල නීතිය කඩ කිරීම තමයි තමන් එක්ක කතා කරන අනිත් පුද්ගලයාගේ අවසරය නැතුව කතාව පටිගත කිරීම. අනාගතේ ඒ මිනිස්සුවම බ්ලැක්මේල් කරන්න හෝ වෙන පුද්ගලයන්ට ඒ පටිගත කිරීම් විකුණලා සල්ලි ගරා ගන්න හෝ හිතාගෙන සැලසුම් සහගතව කරපු වැඩක් මේක. දැන් හිරේ යන්නේ රන්ජන් විසින් උගුලට හව් කරපු රජයේ සේවකයෝ. අනිත් අතින් කතාවේ සියල්ල පටිගත නොකර සමහර තැන් මකල තැනින් තැනින් නම් පටිගත කලේ, කතාවේ අනිත් පුද්ගලයන් ගැන සම්පූරණ වැරදි චිත්‍රයක් මැවෙන්න පුළුවන්. ආණ්ඩුව හොරෙන් සියලුන් දෙනාගේ ටෙලිෆෝන් ටැප් කරලා තියෙනව කියන එක දැන් පැහැදිලියි. අනිවාර්යයෙන්ම ඔවුන්ව මර්දනයට ලක්වෙයි හෝ ප්‍රාණ ඇපකාරයන් වෙයි. මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ වෙයි. මුළු පවුලටම අධික බයකින් ජීවත් වෙන්න වෙයි. සියලු දේ අතහැර රට යනවා හැරෙන්න වෙන සරණක් නැති වෙයි. නීච පාවා දීමක් රන්ජන් කලේ.
Reply : 27 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

