තෙල් වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා පවතින අඟල් 12 තෙල් නළය අලුත්වැඩියා කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් පැය 24ක් තුළ නවතා දැමිය යුතු බව තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් හෙට (27දා) දින දහවල් 12 පසු වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද වෘත්තීය සමිති පෙන්වා දෙති.
කිලෝමීටර් 5.14ක දුරකින් යුත් නළ මාර්ගයේ කිලෝමීටර් පහක නළ එලීම සිදුකර තිබෙන බවත්, එහෙත් ඉතිරි මීටර් 140 තුළ නළ එලීමට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉඩ ලබා නොදෙන බවත් වෘත්තීය සමිති පෙන්වා දෙති.
මීටර් 140ක සීමාවේ සිටි නිවෙස් හිමියන්ට වන්දි ලබාදී තිබියදීත් අදාළ දේශපාලනඥයා විසින් නළ එලීම නතර කරන ලෙස ඊයේ දැනුම් දී තිබෙන බවත්, මේ අනුව නළ එළීම මේ වනවිට නතර කර තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.
popular news
-
ERIC Thursday, 27 June 2019 01:17 AM
කිය්යපන්කෝ කවුද ඇමතිය කියල . අයි බය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

