තෙමසකට පසු කටුවාපිටිය දෙව් මැදුරේ දේව මෙහෙය අද පවත්වයි
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු අද දින සිදු කෙරේ.
දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස වෙනුවෙන් දේව දූතයන් 114ක් පිරිවරාගෙන කාදිනල් තුමන් ප්රමුඛ කොටගෙන දේවස්ථානයට ඇතුළු වන බවත් පසුව නැවත දේවස්ථානය දෙවියන් වෙනුවෙන් කැප කිරීමක් සිදු කරන බවත් කටුවාපිටිය මීසම් පාලන අධිකාරිය සඳහන් කරයි.

popular news
-
මෙන්ඩිස් Sunday, 21 July 2019 01:07 PM
තමුන්ගේ බැතිමතුන් පමණක් නෙමෙයි, තමන් ඉන්නා දෙව්මැදුර වත් රැකගන්න බැරි දෙවියෙක්ට තවත් වැඳ වැටෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

