තිස්සගේ දේශපාලන ව්‍යාපාරයට අමරවීර, විජයදාස, අතාවුද, දුමින්ද, රණවීර එති
2ෙ020 වසරේදී රටේ නායකයා පත් කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකන් පිරිසක් එක්ව පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ නමින් දේශපාලන වැඩපිළිවෙළක් හඳුන්වාදීම කොළඹ නවනගර ශාලාවේදී ඊයේ (29දා) සවස සිදුකෙරුණි.
පවතින දේශපාලන අරාජිකත්වයට විසඳුමක් ලෙස දේශපාලන පක්ෂ සියල්ල එකතු කර, රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් හඳුන්වාදීම සඳහා නව දේශපාලන සංවිධානය පිහිට වූ බව පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් පීරිස් මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ දින වීම සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක් හා සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ජයතිස්ස රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා





popular news
-
gunasena palliyaguru Tuesday, 30 July 2019 12:26 PM
2015 මේ මිනිහ හොර අත්සන් ගහල රාජපක්ෂට කඩේ ගියා.පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ නමින් දේශපාලන වැඩපිළිවෙළක් හරා මෙදා කඩේට යන පාර දැන් ඉදලම හෙළිපෙහෙළි කරනවා.මුන් මොක්කුද ?
Reply : 0 0
lalithasiri kure Tuesday, 30 July 2019 12:47 PM
මේ අය සේරම දේශපාලන අනාථයෝ..වෙන රස්සාවක් 2020 හොයාගන්න.නැතිනම් විශ්‍රාම වැටුපෙන් දිවි ගෙවාගන්න.මේ සැරේ හම්බ කරන්න දේශපාලනයෙන් නම් අමාරුයි.කට්ටියම දැන් වයසක පොරවලනේ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

