අද (6) උදෑසන 5.00ත් 5.30ත් අතර කාලයේ පූගොඩ පොලිස් වසමේ ඔවිටිගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කැ තිබේ.
මරණකරු වයස අවු.42ක්වු පංසල පාර,ඔවිටිගම ලිපිනයේ පදිංචි සිංහාරමුදලිගේ චමින්ද දයානන්ද යන අයවේ.
දෙදෙනෙකු අතර ඇතිවු පුද්ගලික ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශන වලදි හෙළි වි ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පූගොඩ පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
