
තැපැල් සේවකයන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් ඊයේ (21දා) මධ්‍යම රාත්‍රී 12 සිට අද (22දා) මධ්‍යම රාත්‍රී 12 දක්වා සියලු සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා පසුගිය 16 වැනිදා සවස 4.00 සිට පැය 48ක වැඩවර්ජනයක් සිදුකළ බවත්, මේ අනුව එම ගැටලු විසඳීමට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට විෂය භාර අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් එම සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණොත් දින 14කට පසු අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.
නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට හා පවතින වැටුප් සහ උසස් වීම් ගැටලු විසඳා ගැනීමට මෙම ක්‍රියාමාර්ග දියත් කරන බවද කැඳවුම්කරු සඳහන් කළේය.
පසුගිය 16 වැනිදා සිට සිදුකළ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට පළාත්වල කාර්යාලවලට ලිපි සහ පාර්සල්වලින් කොටසක් මෙතෙක් බෙදා හැරීමට නොහැකි වී තිබෙන බවත්, ඊයේ (21දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු සමස්ත තැපැල් කාර්යාලවල සිදුකරන බැවින් අද (22දා) දිනයේදී සියලු කටයුතු ඇනහිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.