ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල 23 සහ 24 කි.මී. කණු අතර වංගුවකදී ත්රිරෝද රථයක් අඩි 400 ක පමණ ප්රපාතයට පෙරළී ඊයේ (10දා) රාත්රී 9.30 ට පමණ සිදුවූ අනතුරකින් එම ත්රිරෝද රථයේ ගමන්කළ හය දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් සිවු දෙනෙක් බරපතල තුවාල ලබා බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනරතුරට පත්ව ඇත්තේ වැල්ලවාය ප්ර දේශයේ ඥාතියෙකුගේ මළ ගමට ගොස් ගෙදර යමින් සිටි ඥාති පිරිසකි.
බදුල්ල මහ නගර සභාවේ ගිනිවීම් හා ජීවිත බේරාගැනීමේ ඒකකයේ නිලධාරින් පැමිණ ඇල්ල පොලෙීසිය හා ප්ර දේශවාසින්ගේ සහායද ඇතිව ප්රපාතයේ සිටි තුවලකරුවන් ආයාසයෙන් ගොඩට ගෙන තිබේ
ත්රිරෝද රථය පැදවු පුද්ගලයා ළමයෙක් හා කාන්තාවක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළත් කාන්තව එහිදි මියගොස් තිබේ. තවත් කාන්තාවක් හා ළමයි දෙදෙනෙක් බණ්ඩාරවෙල මූලික රෝහලට රැගෙන ගිය නමුත් එහිදි එම කාන්තාවද මියගොස් ඇත.
පාලිත ආරියවංශ
