මහාපරිමාණ වංචා,දූෂණ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය අද (21දා) විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රීලංකා නීති විද්‍යාලය අසල පිහිටි ගොඩනැගිල්ලේ මෙම විශේෂ මහාධිකරණය ආරම්භකිරීමට නියමිත අතර, ප්‍රතිසංස්කරණය කෙරුණු එම ගොඩනැගිල්ල අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට අද (21දා) දිනයේදී බාරදීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහාධිකරණය ආරම්භ කෙරේ.
