ති‍්‍රපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් යුතුව ජනාධිපතිතුමා විසින් මෙම ති‍්‍රපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කර තිබේ.
වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට වර්තමානය දක්වා මෙරට භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් සුරක්ෂිතව රැගෙන ආ නිර්මල ථෙරවාදි බුදුදහම ඇතුළත් ති‍්‍රපිටකය ජාතික උරුමයක් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත් අතර ඉන් නොනැවති ථෙරවාදි ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීමට අදාළ වැඩපිළිවෙළ ද සකස් කරන ලදී.
අධර්මවාදී බලවේගවලින් ති‍්‍රපිටක ධර්මය ආරක්ෂාකර ගැනීමේ පරම චේතනාව ඇතිව මෙරට රාජ්‍ය නායකයෙකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරාවු ඓතිහාසික කාර්යභාර්ය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා එම ජතික වගකීම ඉටු කළ තිබේ.
මේ නිසා ඉදිරියේදි ජනාධිපතිතුමා විසින් අද දින පත් කරන ලද ති‍්‍රපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ති‍්‍රපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය කිරිම සපුරා තහනම් වනු ඇත.
කෂිනි හපුආරච්චි
