ත්‍රස්ත සංවිධාන තහනම් කරන ගැසට්ටුව තවමත් නිකුත්කර නෑ
ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැති බව අදට වාර්තා වේ.
හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 27 වැනිදා නිවේදනය කළේය.
එසේ වුවද එම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට අදාළ නිල ගැසට් නිවේදනය මේ වනතුරු රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත.
මේ සම්බන්ධ ගැසට් නිවේදනයක් නිතුත් කිරීමේ සූදානමක් පවතින්නේ දැයි රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් විමසුවද, නිසි පිළිතුරක් ලබාදීමට ඔවුහු අපොහොසත් වූහ.
ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් මස 27 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත
ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.
මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.*
popular news
-
Champa Wednesday, 08 May 2019 10:03 AM
ජනාධිපති තොප්පිය කරකවලද අනිත් අතට?
Reply : 0 27
චන්දන Wednesday, 08 May 2019 03:01 PM
මෙන්න මේ කල් මැරිල්ල තමයි විනාශයට මුල.
Reply : 0 16
UPul Saturday, 11 May 2019 09:23 AM
තහනම් කිරිල්ල වගේද නැති වෙන චන්ද ටික. මිනිස්සුන්ගේ මළමිනී උඩින් හරි කමක් නෑ බලේ ගන්ඩ ඕනි දෙයක් කරවී.
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

