ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය.
දූෂණ විරෝධී බළකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව කළේය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කුමාර මහතා,
“ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියන්නේ පෞද්ගලික අභිමතාර්ථවලට වැඩ කරන චරිතයක්.
පොලීසියේ 95%ක් විතර පහළ නිලධාරීන් ඉන්නවා එම පුද්ගලයාගේ තාඩන පීඩනවලට ලක්වෙලා. පොලීසියේ බොහෝදෙනා කැමතියි මේ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. මගේ ජීවිතයට අවදානමක් තියාගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන මම හෙළිදරව් කරන්නේ රට වෙනුවෙන් හිතලයි.
මම මේ පුද්ගලයා ගැන පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න ගියේ නැහැ. මොකද නාලක ද සිල්වා මහත්තයා හොඳ කෙනෙක් කියලා මට හඳුන්වලා දෙන්නේ පූජිත ජයසුන්දර මහත්තයා. ඒ නිසා නාලක සිල්වා මෙහෙම වරදක් කළා කියලා පොලිස්පතිට කියනවාද, නැද්ද කියලා මම දෙපාරක් හිතුවා. ඒ නිසයි මම මෙය රටට හෙළි කළේ. යැයි පැවසීය.
මෙහිදී ජාතික බුද්ධි සේවාවේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, නි.පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන්ට විරුද්ධව අසත්‍ය ප්‍රචාර කර ඔවුන්ගේ සේවය හෑල්ලුවට ලක් කරන ලෙස නි.පො. නාලක ද සිල්වා මහතා තමන්ට පැවසූ බවත්, නාමල් කුමාර මහතා මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.
popular news
-
Champa Friday, 14 September 2018 02:21 PM
මේ කතාව හරිම අස්වාභාවිකයි. දූෂණ විරෝධී ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්යක්ෂකලු. පොලිස් ලොක්කෝ ගැන අසත්‍ය ප්‍රචාර කරන්න සහ මෙයා එහෙම කියන එව්වා පිළිගන්න අර පොලිස් ලොක්ක මේවගේ රහස්‍ය වැඩක් බාර දෙන්න තරම් මේ පුද්ගලයා කවුද? මෙතැන වෙන දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. එක්කෝ අර පොලිස් ලොක්කව frame කරන්න කවුරු හරි මේ මිනිහව් දාල තියෙනවා. එහෙම නැත්නම් අර DIG සෙට් එකක් උඩහමුල්ලේ ගෙදරක ඉඳන් මැතිඇමති විපක්ෂ මන්ත්‍රීවරු පත්තරකාරයෝ හැමෝගෙම දුරකථන වලට සවන් දෙනවා කියලා කතාවක් ගියේ. එතනට මේ conversation එක අහු වෙලා තියෙනව. ඒක එලියට ගන්න වෙන විදිහක් නැති නිසා මේ මිනිහ ලව්වා ඒක කරනවා. හේතුව මං හිතන්නේ කාට හරි ලකුණු දාගන්න ඕනේ වෙලා තියෙංවා. මේ මිනිහ පස්සේ ලොකු පොලිස් ලොක්කෙක් ඉන්නවා. එහෙම නැතුව මෙයාට මේ කතාව කියන්න හයියක් එන්නේ නැහැ. මෙයා පොලිස්පතිගේ ගජ මිතුරෙක් වෙන්න එපාය ඇයි කිව්වා නම් මෙයා මේ පාවල දෙන පොලිස් ලොක්ක මෙයාට අඳුන්වල දුන්නේ පොලිස්පතියි කියලා මිනිහම කියනවනේ. පොලිස් පොතේ හැටියට ඕනේ අපරාධයක් කරපු මිනිහෙක් ඒකේ මොකක් හරි clue එකක් ඉතුරු කරනවලු. මේ වගේ කතා එන්නේ මිනිස්සුන්ව distract කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

