සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 21ක පරාජයක් ලැබීය. ඒ අනුව දෙරට අතර පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ලකුණු 320ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා කණ්ඩායමට පන්වාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 298ක් පමණි.
ලකුණු 128ට කඩුලු 7ක් දැවී තිබූ ශ්රී ලංකා ඉනිම හුදෙකලා ඉනිමක් ක්රීඩා කරමින් ජයග්රාහී මාවතට රැගෙන යාමට තිසර කටයුතු කළත් ඔහුගේ දැවී යාමත් සමගින් එය අවසන් විය.
තිසර සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 73කදී හතරේ පහර 8ක් හා හයේ පහර 13ක් සමගින් ලකුණු 140ක් රැස්කළේය.
තරගයේ වීරයා ලෙසත් තිසර සම්මාන ලැබිය.