කළුතර සාන්ත සෙබස්තියන් පාර හෝටලයක් ආසන්න මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5 දෙනෙකු අතරින් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (21දා) සවස සිදුවූ මෙම සිදුවීමෙන් අතුරුදන්ව ඇත්තේ අවුරුදු 15ක් වන කටුකුරුන්දේ පදිංචි කටුකුරුන්ද ධර්මපාල විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ සසිඳු මල්ශාන් නැමැත්තෙකි.
පොලීසිය, ප්‍රදේශවාසින්, කළුතර දකුණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීිය පවසයි.
