තවත් බන්ධනාගාර තුනකට STF ආරක්ෂාව
බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමේ වැඩසටහන යටතේ අද (25දා) දිනයේ සිට තවත් බන්ධනාගාර තුනක් වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දී ඇත.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිතය.
පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීය.

popular news
-
Nandana Thursday, 25 October 2018 11:46 AM
ඉතා අගය කොට සලකමි . සේවකයන් හා නිලදාරීන් ද පරික්ෂා කරන්න
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

