තව අවුරුදු 15කින් 20කින් පිපෙන්න තිබුණු නාමල පරවෙලා ගියා
නාමල් රාජපක්ෂ මහතා මෙහෙයවූ පළමු සටන අසාර්ථක වූ බව රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මේ අය ආණ්ඩුවේ මර්මස්ථාන පහක් වටකරන්න හැදුවා. නමුත් දවල් වෙනකොට ජන සහභාගිත්වය මදි නිසා ජනතාව ලේක්හවුස් වටරවුම තෝරා ගත්තා. ලේක්හවුස් වටරවුමට පන්හයදාහක් දාපුවාම පාරවල් වැහෙනවා. ආණ්ඩුව අරගෙන යන්න තව කාලාන්තරයක් ඉන්න වෙයි. මේකෙ නායකයන් ටාජ්, හිල්ටන් හා ෂැංග්‍රිලා හෝටල් වෙන්කර ගෙන තියෙනවා. ජනතාව ලේක්හවුස් වටරවුමේ පාරේ නිදාගෙන රජවරු නිර්මාණය කරන්න පාරේ ගත කරනවා.
මේ නාමල් කුමාරයා තමන් මෙහෙයවපු පළමු අරගලය. ඒක උපන්ගෙයිම අසාර්ථක සටනක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවිල්ලා ගියා. තව අවුරුදු 15කින් 20කින් පිපෙන්න තිබුණු නාමල පරවෙලා ගියා” යැයි ප්‍රකාශ කළේය.

popular news
-
Champa Thursday, 06 September 2018 01:19 PM
නාමල් ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. නාමල් මේ විරෝධතාවය සංවිධානය කලේ බැසිල්ගේ style එකට. ඒක යල් පැනපු ක්‍රමයක්. ඊලඟ එක කරන්න මහින්ද බාර දෙන්න ඕනේ JO එකේ ජ්‍යෙෂ්ඨයන්ට. ඒ ගැන පස්සේ අදහසක් දෙන්න පුළුවන්. --- කවුද කියන්නේ ජනබල විරෝධය අසාර්ථකයි කියලා? මේක නාමල් සහ පොදු පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු සංවිධානය කලාට මිනිස්සු ආවේ මහින්ද වෙනුවෙන්. අනිත් එක මේ තිබ්බේ චන්ද රැළියක් නෙමේ. මේක ආණ්ඩු විරෝධතා රැළියක්. 1800 ගණන් ඉඳන් සුද්දන්ගේ ආණ්ඩුවට එරෙහිව අපේ සිංහලයෝ තිබ්බ විරෝධතා වලට පස්සේ, තිබ්බ හොඳම සහ සාර්ථකම ආණ්ඩු විරෝධතා රැලිය මහින්දගේ ජනබලය කොළොඹට. අනිත් එක කොච්චර සහයෝගයක් ලැබුනද සාමාන්‍ය මිනිස්සුන්ගෙන්? කොළොඹ කාර්යාල සේවකයෝ තමන්ගේ නිවාඩු දැම්ම එදා. වැඩට ආපු මිනිස්සු කලින් ගියා. සමහරු විරෝධතාවයට එකතු වුනා. කාර්යාල පාලු වුනා. පාරවල් පාලු වුනා. දෙමව්පියෝ ළමයි පාසල් එව්වේ නැහැ. හැබැයි කිසි කෙනෙක් මේ කිසි දෙයක් ගැන පැමිණිලි කලේ නැහැ. කවුරුවත් තමන්ට වෙච්ච අපහසුතා ගහන කෙඳිරි ගෑවේ නැහැ. මහින්ද ඊයේ ලබපු ලොකුම ජයග්‍රහණය ඒක. එක මිනිහෙක් නැහැ ලංකාවේ මේ ආණ්ඩුවට කැමති. ඒකයි ඇත්ත කතාව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
