තලතා අභියෝගයක් එනතෙක් බලා සිටියි
වත්මන් රජය අධිකරණයට බලපෑම් කර ඇති බවට කවුරුන් හෝ චෝදනා එල්ල කරයි නම් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ඊයේ (04දා) මහනුවරදී පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කළාය.
“මහනුවර අධිකරණ සංකීර්ණයේ සී.සී.ටී.වී.කැමරා පද්ධතිය සවි කිරීම පිළිබදව කථා කළා .ඒ පිළිබදව අපි සාකච්ඡා කරලා තීරණය කරන්නම්.අ ගවිනිසුරුවරුන් බලෙන් ගෙදර යැවු යුගයක ඉදලා හැමදේම වෙනස් කරන්න වෙලා තියෙනවා. අද අධිකරණය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරලා තියෙනවා.
අපි අධිකරණයට බලපෑම් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඕනෑම අභියෝගයක් අධිකරණ ඇමති විදිහට භාර ගන්න සුදානම්. හත් ලක්ෂ පනස් දාහක් අධිකරණවල නඩු තියෙනවා. නීතිඥ ධුරය රැකෙන්නේ නඩු තියෙනවා නම් විතරයි. ඒත් අහිංසක මනුෂ්‍යයෙක් නඩුවකට පැටලුනොත් කුමන තත්වයක් ද කියලා අපි දන්නවා .මනුෂ්‍යයාගේ සබ්බ සකල මනාවම නැති වෙනවා. ඒ නිසා නඩු වලට පැටලී සිටින ජනතාව ගැනත් අපි කල්පනා කළ යුතුයි.”
popular news
-
කමලසිරි Friday, 05 October 2018 06:58 PM
එතකොට අබියාචන උසාවියෙන් අපේ හාමුදුරුවන්ගේ ඇපෑල විසි උනේ කොහොමද. අපි චන්දයේදී උත්තර දෙන්නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
