නවතම සංඛ්‍යාලේඛනවලට අනුව යුරෝපා මහාද්වීපයේ කොවිඩ්-19 පැතිරීමේ නවතම රැල්ල පාලනය කිරීමට අරගල කරමින් සිටින විට, යුරෝපීය රටවල් හතරක් පමණක් කොවිඩ්-19 රෝගීන් ඉහළ යෑමේ තීරණාත්මක මට්ටමට වඩා පහළින් සිටින බව කියයි.
රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වේ. ඉන් ඔබ්බට කොවිඩ් -19 අවදානම ඉහළ මට්ටමක පවතින අතර, ආසාදනය වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති අතර, අවදානමට ලක්විය හැකි පුද්ගලයන් රෝගයෙන් ඉතා ඉහළ බලපෑමකට මුහුණ දෙන බව එම මධ්‍යස්ථානය පවසයි..
ඒ අනුව මෙම සීමාවෙන් පහළ සිටින්නේ ජර්මනිය (100,000කට 18.4), ෆින්ලන්තය (15.5), සයිප්‍රසය (14.6) සහ නෝර්වේ (13.9) පමණි. මෙම සීමාවේ අනෙක් කෙළවර හෙවත් දැඩි අවදානමක් ඇති රටවල් ලෙස චෙක් ජනරජය (167.6), නෙදර්ලන්තය (140.3) සහ ප්‍රංශය (120.3) දැක්වේ.
මේ අතර යුරෝපයේ මරණ අනුපාතයද ඉහළ ගොස් ඇති අතර රටවල් 27 ක මට්ටම්වල අඛණ්ඩ වැඩිවීමක් වාර්තා වී ඇති බව ඒජන්සිය සිය සතිපතා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.