තායිලන්තයේ පසුගිය ජනවාරි මස 13දා ප්‍රථම කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් පසුව නව ආසාදිතයෙකු ගෙවීගිය පැය 24 තුළ වාර්තා වී නොමැති බව එරට කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රකාශක වෛද්‍ය තවීසිල්ප් විසනුයෝටින් වාර්තාකරුවන්ට පැවසුවේ මේ වනවි එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැන් 3,017ක් බවයි.
මෙහිදී රෝගීන් 56 දෙනෙකු මියගොස් ඇති අතර 2,844 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බවද හෙතෙම පැවසීය.