තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන්ට ඇප හිමිවීම ගැන පරීක්ෂණයක්
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් ඇප මත නිදහස් වීමේදී පොලීසියේ වරදක් සිදුව ඇත්දැයි විමර්ශන කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“කොළඹ සිනමන් ගෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළේ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ්. ඔහු වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු. අප්‍රේල් 22 දා අලුයම එම තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 9 දෙනෙක් වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
එලෙස අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අප්‍රේල් 22 දාම මේ සැකකරුවන් කොළඹ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළා.
මේ නඩුව මැයි 6 දා කැඳවන අවස්ථාවේදී එම සැකකරුවන් අප මත මුදාහරිනු ලැබුවා. මෙලෙස එම සැකකරුවන්ට ඇප ලබාදීමට සිදුවුණේ වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් හේතුවෙන් බවට නොයෙකුත් වාර්තා පළවුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සෙවීම සඳහා පරික්ෂා කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.මෙම විමර්ශනයේදි තහවුරු වුණොත් යම් දෝෂයක් හෝ නොකරහැරීමක් සිදුව තිබේ නම් ඒ ගැන දැඩි පියවර ගන්නවා.”

popular news
-
Champa Wednesday, 08 May 2019 06:16 PM
ඔව්. ඇපදීම සම්පූරණ වැරදියි. ඒ කියන්නේ එවන් අපරාධ කරන්න රුකුල් දීමක් වෙලා තියෙනවා. ත්රස්තවාදීන් සම්බන්ධ නඩු අහන්න වෙනම අධිකරණයක් සහ අපක්ෂපාති, රටේ තත්වය ගැන සිහි බුද්ධියෙන් වැඩ කරන විනිශ්චයකරුවන් අවශ්‍ය වෙනවා. භයානක අපරාධකාරයෝ, ත්‍රස්තවාදියෝ, මිනීමරුවෝ, මත්ද්‍රවය ජාවාරම්කාරයෝ, ස්ත්‍රී ධූෂකයෝ සියල්ලෝ ඇප ලැබිල ගෙදර යනවනම්, මෙතන තියෙන්නේ නීතිය පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, විනිශ්චය පිලිබඳ ප්‍රශ්නයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

