දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද රාත්‍රී (09දා) තෙක් වලංගු වන පිරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් සෙසු ප්‍ර දේශ හරහා විටින් විට හමන පැයට කිලෝ මිටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
