තදවැසි තත්ත්වය අද (22දා) දිනයෙන් පසු අඩු වී යන බවත්, තදසුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් පසු අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 50ක් තරම් වූ වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික චන්ද්‍රරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව වයඹ හා බස්නාහිර යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
