තද වැසි පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්
දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර , මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද උතුරුමැද , සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ( අනුරාධපුර, පොළොන්නරුව , ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, ගම්පහ, කොළඹ, සහ කළුතර ) සහ යාපනය ,මන්නාරම, කිලිනොච්චිය, සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල මි.මි 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව නිවේදනය කෙරේ
ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් ජනතාව දැඩි සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
