තක්සේරුකරුවන් සඳහා නව පාඨමාලා සහ ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යා උපාධි විශ්ව විද්‍යාලවල ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවධානය යොමුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
අද වනවිට දේශීයව හා විදේශියව තක්සේරු කෙෂ්ත්රයේ රැකියා පැවතුණද ඒ සඳහා සුදුසු උගතුන් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දැනට ලබාදෙන කලා උපාධිවලට සරිලන රැකියා නොමැති බැවින් රැකියාවලට සරිලන උපාධි පාඨමාලා හඳුන්වාදීමේදී දැඩි අවශ්‍යතාවයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
විදේශ රටවල ඉඩම් පිළිබඳ පාඨමාලාවලට විශාල ඉල්ලුමක් පවතින බවත්, එම අවශ්‍යතාවයට අනුව දේශීය අධ්‍යාපනය සකස් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමාණවත් තක්සේරුකරුවන් පිරිසක් නොමැති බවද ඔහු පැවසීය.
