ඩුබායිහිදී මිය ගියේ කෙසෙල්වත්තේ දිනුක බවට තහවුරුයි
ඩුබායි හි මිය ගිය බවට සඳහන් කරමින් වෙනත් නමකින් මෙරටට එවා තිබූ මළ සිරුර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෙසෙල් වත්ත දිනුක ගේ බවට ඩී. එන්. ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
පසුගිය 18 වෙනි දින රාජපක්ෂ කසුන් මධුරංග නමැත්තෙකුගේ බවට සඳහන් කරමින් මෙම මළ සිරුර මෙරටට එවා තිබිණි.
කටුනායක ගුවන් ගුවන්තොටුපල පොලීසිය මේ පිළිබඳව කළ පරීක්ෂණවලදී එම සිරුර රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ බවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව කෙසෙල් වත්ත දිනුක ගේ මවගෙ න් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල මෘත ශරීරයෙන් ලබාගත් සාම්පල හා ගැලපෙන බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
බායි රටේ සිට ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වු සංවිධානාත්මක අපරාධ කරුවකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

