ඩිල්ෂාන් ගාල්ලෙන් මැතිවරණයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට සූදානම් වෙයි.
“ජනපතිතුමත් හමුවුණා, අගමැතිතුමත් හමුවුණා. ඒ දෙපළගෙන්ම ආශීර්වාදයක් තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ වන විට සූදානමින් පසුවෙනවා ඉදිරි මැතිවරණයේදි පොහොට්ටුවෙන් තරග කරලා ජනපතිතුමාට තවත් තරුණ ශක්තියක් වෙන්න.
ආරංචිය තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න කියලා. දේශපාලනයට එද්දී වැඩපිළිවෙළක් නැතිව එන්න බෑ. ඒ වැඩපිළිවෙළ සකස් වෙනවා. ඉදිරියේදී ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැටිලා තිබෙන ක්‍රීඩාව නැවත ගොඩනංවන්න බලාපොරොත්ත වෙනවා.”
කෙසේ වෙතත් මීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන් YouTube නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් ( සිස්ටම් එකක්) නොමැති හෙයින් තම දරුවන්ට සිස්ටම් එකක් පුරුදු කිරීමටත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යොමුකර ඇති බවයි. ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් එහිදී ඔහු සඳහන් කළේය.

popular news
-
samson de silva Tuesday, 31 December 2019 05:49 AM
ඕකට තමයි ගොටාබය මහත්තයා ජනාදිපති වුනු ගමන් ගිහින් කොහේදෝ මුහුදු වෙරළබඩ කුණු සුද්ධ කෙරුවේ. 'දිල් ස්කූප්' ඊළඟට "බාන්ඩාගාර ස්කූප්" එකට තමයි සුදානම.
Reply : 0 0
Jaya Tuesday, 31 December 2019 09:30 AM
විහිළු කරන්න එපා..!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

