නව කොරෝනා වෛරස වසංගතය විසින් එක්සත් ජනපදයේ, ඩිස්නිලන්තය ලෙස සැලකෙන ඩිස්නි වින්දන උද්‍යානය වෙත එල්ල කර ඇති දැඩි බලපෑම හේතුවෙන් එහි සේවක සේවිකාවන් 28,000ක් සේවයෙන් ඉවත් කර තිබේ.
මෙසේ විශාල පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට සිදු වුවද, එය ඩිස්නි වින්දන උද්‍යානයේ පරිපාලනයට, අත්දැකීම් සහ නිෂ්පාදනවලට දැඩිව බලපාන බවද එම සමාගම නිවේදනය කළේය.
කෙසේ වෙතත් මෙසේ සේවයෙන් ඉවත් කරන ලද පිරිසෙන් 67% ක් අර්ධකාලීන සේවකයන් වන බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.
එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවට උරුමකම් කියන රාජ්‍ය ලෙස මේ වනවිට මරණ 205,942ක් වාර්තා වන අතර, වැඩිම ආසාදිතයන් වාර්තා වන රට ලෙස සමස්ත ආසාදිත සංඛ්‍යාව 7,188,543ක් දක්වා ඉහළ ගොස් තිබේ.