ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අද (20දා) දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස ආසාදනයක් වාර්තා විය. මෙය මෑත මාසවලදී රට පුරා පැතිරී ඇති කුඩා වෛරස පොකුරුවල නවතම ප්රවණතාවයි.
ක්වීන්ස්ලන්ඩ් ආසාදිතයා පැමිණෙන්නේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ පොකුරක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් හි ස්ථාන දෙකකින් වර්ධනය වීමෙන් පසුව, මුඛ ආවරණ පැලඳීමේ නීති පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පොලඹවන වටපිටාවක් තුළය.
"ප්රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් ඇති මේ ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම බෝවන ප්‍රභේදයක්. ඒ වගේම සමහර අය එය අනෙක් අයට වඩාත් ව්‍යාප්ත කරන බවත් අප හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී සුපිරි පැතිරීමේ සිදුවීමක් අප විසින් වළක්වා ගත යුතුයි" නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.
කඩිනම් දේශසීමා වැසීම, සමාජ දුරස්ථ කිරීමේ නීති සහ ඒවාට ඉහළ ප්‍රජා අනුකූලතාවක් තුළින් කොරෝනා වෛරසය පැතිරීම කළමනාකරණය කිරීමට මේ දක්වා ඔස්ට්‍රේලියාව ඉතා සාර්ථක වී ඇති අතර, වාර්තා වී ඇත්තේ 30,300කට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් මරණ 910ක් පමණි.
නමුත් රට එන්නත් කිරීමේ ක්‍රියාවලිය සමග තරමක් පසුබෑමක සිටින අතර, ඊට සමගාමීව මෑත මාසවලදී ප්රාන්තයන්හි කුඩා පොකුරුවලින්ද පීඩා විඳිමින් සිටියි. වේගවත් සම්බන්ධතා ලුහුබැඳීම, වරකට දහස් ගණනක් හුදෙකලා වීම හෝ දැඩි අගුලු දැමීම් හරහා තවමත් රටේ කොවිඩ්-19 තත්ත්වය පාලනයෙන් බැහැරට යාම වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.
ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ ඩෙල්ටා ප්‍රභේදයේ කුඩා පොකුරක් සමග සටන් කළ වික්ටෝරියා ප්‍රාන්තය, මේ මස මුලදී මිලියන පහක ජනතාවක් සති දෙකක කාලයක් දැඩි අගුලු දැමීමකට ලක් කළේද ඒ අනුව යමිනි.
රජයේ දත්තවලට අනුව, ඔස්ට්‍රේලියාවේ මිලියන 20ක් වන වැඩිහිටි ජනගහනයෙන් 4%ක් පමණක් දැනට සම්පූර්ණයෙන්ම එන්නත් ලබාගෙන ඇති අතර, 25%ක් පමණ අවම වශයෙන් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය අද කියා සිටියේ මොනාෂ් ඖෂධ විද්‍යා ආයතනය සහ ඩොහර්ටි ආයතනය අතර සහයෝගීතාවයෙන් යුතු දේශීය mRNA කොවිඩ්-19 එන්නතක් නිපදවීම සඳහා ඇ.ඩො.4ක මුදලක් ආයෝජනය කරන බවය.
මෙම එන්නත ඔක්තෝබර් මාසයේදී පුද්ගලයින් 150දෙනෙකු සඳහා පළමු වැනි අදියර සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට නියමිත අතර, එහි ප්‍රතිඵල 2022 පළමු භාගයේදී අපේක්ෂා කෙරේ.
එසේම ඔස්ට්‍රේලියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත දේශීයව නිෂ්පාදනය කර ඇත. කෙසේ නමුත් ජාතික මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ එන්නත ලබාදිය යුත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයට පමණක් බවයි.