ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කලින් පැවති ප්‍රභේදයට සාපේක්ෂව රෝහල්ගත වීමේ අවදානම දෙගුණ කරන බව ස්කොට්ලන්තයේදී සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එනමුදු එන්නත් මාත්‍රාවන් දෙකක් ලබාගැනීමෙන් තවමත් මෙම ඩෙල්ටා ප්‍රභේදය හෙවත් ඉන්දියාවේදී ප්‍රථම වරට අනාවරණය කරගත් කොවිඩ්-19 ප්‍රභේදයට ශක්තිමත් ආරක්ෂාවක් සපයන බවද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
මෙම අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ගිනිකොනදිග එංගලන්තයේ කෙන්ට් හිදී මුලින්ම හඳුනාගත් ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව එන්නත්වලින් ලැබෙන ඵලදායීතාවට වඩා, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත්වලින් ලැබෙන ඵලදායීතාව අඩු විය හැකි බව මුල් සාක්ෂි මගින් යෝජනා වී තිබූ බවයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සඳුදා එංගලන්තයේ කොව්ඩ්-19 සීමාවන් අවසන් කිරීම ප්‍රමාද කරනු ලැබුවේද, මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග, එය ඇල්ෆා ප්‍රභේදයට වඩා වේගවත්ව සම්ප්‍රේෂණය කළ හැකි බව අනාවරණය වීම නිසාය.
ලැන්සෙට් සඟරාවෙහි පර්යේෂණ ලිපියකින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය ස්කොට්ලන්තයේ ආසාදිතයන් හා රෝගල්ගත කළ රෝගීන් ඇසුරෙන් සිදුකර තිබුණි.
ස්ට්රැට්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ක්‍රිස් රොබට්සන් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය වයස සහ වෙනත් රෝගාබාධ සමග රෝහල්ගත වීමේ අවදානම දළ වශයෙන් දෙගුණයක් වන නමුදු එන්නත් තවමත් එම අවදානම අඩුකර ඇති බවයි.
"ඔබ ධනාත්මක බව පරීක්ෂා කළත්, එන්නත මාත්‍රා දෙකක් හෝ එක් මාත්‍රාවක් ගෙන දින 28ක්වත් ගෙවී තිබුණොත් දළ වශයෙන් රෝහල් ගතවීමේ අවදානම 70%කින් අඩු කරනවා" යනුවෙන් රොබට්සන් පැවසීය.
කෙසේ වෙතත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකට වඩා මාත්‍රාවන් දෙකක් හොඳ ආරක්ෂාවක් සපයන බවත්, එංගලන්තයේ අගුලු දැමීම ලිහිල් කිරීම ප්‍රමාද කිරීමේ පසුබිම තුළ, වැඩි පිරිසකට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන්, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වර්ධනය කරගැනීමට හැකිවනු ඇති බව විශේෂඥයෝ පවසති.
එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ උෂර් ආයතනයේ අධ්යක්ෂ අසීස් ෂෙයික් පැවසුවේ, "අගුලු දැමීමේ පියවර සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පෙර ඕනෑම ආකාරයක සම්ප්‍රේෂණ අඩුකිරීමේ උපායමාර්ග ප්‍රයෝජනවත් වනු ඇතැයි මා විශ්වාස කරනවා." යනුවෙනි.