විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවල දෙකක් වන අතර , මොවුන් සමඟ වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිට ඇත .
මොවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
මෙම පිරිස අද දින උදෑසන 8.40ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ අතර , එහි රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් වටිනා දුම්වැටි 96,600ක් අඩංගු දුම්වැටි කාටූන් 483ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ එම්.ඒ.
කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන ආර්.රුෂාන්දන් , කේ.එච්.පී. කුමාරසිරි සහ පීටර් ගුණවර්ධන , රේගු අධිකාරී ඒ.ජේ.එම්.එස්.ආර්.ඇරැව්පොළ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
කටුනායක ටි.කේ.පි කපිල