ටිකිරි ඇතින්න දැන් සුවෙන්
ටිකිරි ඇතින්න දළඳා පෙරහැරේ විෂ්ණු දේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරළි තිබු බවත් එසේ බිම පෙරළි තිබුණේ ඇයගේ වයස තත්ත්වය මත බවත් මේ වන විට ඇය හොඳින් පසුවන අතර සතියකින් පමණ වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්ත්වය නිවරැදිව කිව හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා පවසයි.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්නක් දළඳා පෙරහැරේ ගමන් කිරිම සම්බන්ධව විශාල වශයෙන් විවේචන එල්ල විය.
එම අවස්ථාවේදි ටිකිරි ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා විසින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලියට පමණක් ටිකිරා ඇතින්න ගමන් කල බව පැවසීය.
පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06ක පමණ කාලයක් ටිකිරි ඇතින්න පෙළුණු බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ බවත් එම රෝගය සුව වු පසු දළඳා පෙරහැරේ ගමන් කරවන බවට භාර වු බවත් ඉන්පසු රන්දෝලි පෙරහැරවල් එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක්වූ වු නිසා එම භාරය ඔප්පු කිරීමට මෙලෙස සතා පෙරහරට එක් කළේයැයි ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා පැවසීය.
මේ වනවිට සාමාන්‍ය සතෙකු ලෙස ආහාර පාන ගන්නා බවත් දිගින් දිගටම මෙසේ සමාජ මාධ්‍ය තුළින් ගෙන යන කතා අසත්‍ය බවත් සියලු සතුන් වයසට යන විටදි තරුණයෙකු මෙන් ක්‍රියාශිලි නොවන බවද තිලකරත්න මහතා පැවසීය.
චමිිල් රූපසිංහ


popular news
-
දිසානායක මුදියන්සේලාගේ ටිකිරි දිසානායක හෙරත් බණ්ඩාර Friday, 16 August 2019 08:02 AM
අපි පෙරහරේ අලි ඇත්තු කිහිප දෙනෙකු ඉතාමත් අශෝබන ලෙස දම්වැල්වලින් සිර කොට ඇවිද ගැනීමට ඉතාමත් අපහසු ආකරයෙන් ගෙන යනවා දුටුවා. එවැනි ඇතුන් මීට පසු හිරිහැරයට ලක් නොකරනවා නම් පෙරහරේ ගරු ගාම්බීරත්වයට හේතුවක්....
Reply : 0 0
Champa Saturday, 17 August 2019 10:37 AM
මේ බාර කතාව විශ්වාස කරන්න බැහැ. බෞද්ධයන් සතුනට හිරිහැර කරමින් ලෙඩ අලිත් පෙරහරේ ගෙනියනවා කියලා පෙන්නන්න කරපු සැලසුම් සහගත වැඩක් මේක. පෙරහැර ඉතිහාසයටම මෙහෙම ලෙඩ වෙච්ච ඇට පෑදුනු මහලු අලියෙක් පෙරහරේ ගෙනියල නැහැ. පව් මේ සතාට කරපු හිරිහැරයට මේ තීරණය ගත්ත මිනිහට දඬුවම් කරන්නම ඕනේ. අනික මේ ඇතාගේ කටු පෑදිලා තියෙන්නේ වයසටවත් ලෙඩටවත් වෙන්න බැහැ. මේ ඇතාව මාස ගානක් බඩ ගින්නේ තියල තියෙනවා. බඩ ගින්නටයි ඇඟ වැහැරිලා තියෙන්නේ. මේක නම් උවමනාවෙන්ම කරපු වැඩක් කියල ඕනේ මෝඩයෙක්ට තේරෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

