ටිකක් සන්සුන්ව ඉන්න - යුද හමුදාපති
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (18දා) දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින ආබාධිත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවිය.
මෙම සාකච්ඡාවේදී යුද හමුදාපති එම පිරිසගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (17දා) ඔවුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර කඩිනම් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි.
යුද්ධයේදී තුවාල ලැබු නිලධාරියෙකු වන තමන් තවමත් එම තුවාල වලින් පීඩා විදින බැවින් තමන් රණවිරුවන් ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවත්, යුධ හමුදාවේ සියලුම සාමාජිකයින්ට තමන්ට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටුකිරිමට කටයුතු කරන බවයි.
තමන් ඉදිරි ක්‍රියාදාමය පිළිබඳ සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කරන බවට ලුතිනන් ජෙනරාල් සිල්වා ත්‍රිපුද්ගල නියෝජිත කණ්ඩායමට සහතික වූ අතර එය පසු විපරම් කිරීම නොවරදවාම සිදුකරන බැවින් තව සුළු කාලයක් සන්සුන්ව හා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

popular news
-
Asela Thursday, 19 September 2019 10:18 AM
ඉතා හොඳ ක්‍රියාවක්. රණවිරුවන් යුද හමුදාපති ගේ පොරොන්දු පිළිගනීවි නමුත් කපටි දෙෂ්පලයකන්ගේ පොරොන්දු නම් කිසිසේත් පිළිගන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

