ඇමෙරිකා එක්සත් ජනපදයේ අවම වශයෙන් කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (12දා) අලුයම වනවිට 80,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව තුළ කොරෝනා මරණ 90,000ත්, 100,000ත් අතර සීමාවක පවතිනු ඇති බවට අවසන් වරට පුරෝකථනයක් කළේය.
එමෙන්ම ඔහු මුලින්ම තම පුරෝකථනය මරණ 60,000ක් පමණ බව කියා සිටියත්, එය මේ වනවිට ඉක්මවා ගොස් ඇති අතර, වියට්නාම යුද්ධයේදී මියගිය ඇමෙරිකානුවන් සංඛ්‍යාවද බොහෝ සෙයින් ඉක්මවා ගොසිනි.
මේ අතර, අද අලුයම වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,347,151ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එහිදී සඳුදා දිනයේදී අවම වශයෙන් එරටින් ආසාදිතයන් 17,360ක් සහ මරණ 850ක් වාර්තා වී තිබේ.
මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50 තුළින්ම, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදිතයන් මෙන්ම, නැවත එරටට ගෙන්වා ගනු ලැබූ ආසාදිතයන්ද මෙම අගයන්ට අයත් වෙයි.
මේ අතර ඇමෙරිකාවේ වෛරසය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත් ප්‍රාන්තය නිව්යොක් ප්‍රාන්තය වන අතර, එහි ආසාදිතයන් 337,055ක් තහවුරු වී ඇත. නිව් ජර්සි ආසාදිතයන් 140,206ක් වාර්තා වී ඇත.