ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉහළ ප්රතිපත්ති උපදේශකයෙකු වන ස්ටීවන් මිලර් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔහු තහවුරු කර තිබේ.
"පසුගිය දින 5ක කාලය තුළ මම දුරස්ථව හා ස්වයං-හුදකලා රාජකාරි කටයුතු කළා. ඊයේ සිට සෑම දිනකම සෘණාත්මක බව පරීක්ෂා කළත්, අද දිනයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර නිරෝධායනයට යොමුව සිටිනවා" යනුවෙන් මිලර් ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
දින කිහිපයක් නිවසේ සිට වැඩ කිරීමෙන් පසුව, මිලර් අඟහරුවාදා වැඩ කිරීමට ඉදිරිපත් වුවත් එහිදී සිදුකළ පරීක්ෂාවේදී ඔහු ධනාත්මක බව තහවුරු වී ඇත. ධවල මන්දිරයේ ඇති වූ කොවිඩ් පොකුරට හසු වූ නවතම නිලධාරියා සහ සාමාජිකයා ඔහුය. ධනාත්මක බව පරීක්ෂා කළ පසුගිය සතියේ පැවති ජනාධිපති විවාදයට පැමිණි ජනාධිපති කණ්ඩායමේ නවතම සාමාජිකයාද ඔහු ය.
එම කණ්ඩායමේ ධනාත්මක බව පරීක්ෂා කළ සෙසු සාමාජිකයන් වන්නේ නිව් ජර්සි හි හිටපු ආණ්ඩුකාර ක්රිස් ක්රිස්ටි, ධවල මන්දිරයේ හිටපු උපදේශිකා කෙලියන් කොන්වේ, ට්රම්ප්ගේ ප්රචාරක කළමනාකරු බිල් ස්ටෙපියන්, සහායිකා හෝප් හික්ස් සහ මිලර් යන අයයි. නිව්යෝක් නගරයේ හිටපු නගරාධිපති රූඩි ජියුලියානි සහ ට්රම්ප්ගේ මැතිවරණ සහායක ජේසන් මිලර් එම විවාදයට පැමිණි සෙසු සාමාජිකයන් වුවත් ඔවුන් මෑත දිනවල සෘණාත්මක ලෙස පරීක්ෂා කර ඇත.
ට්රම්ප් සහ හික්ස් සමග මිනසෝටා හි මැතිවරණ ප්රචාරක රැලියක් සඳහා මිලර් එයාර්ෆෝස් වන් යානයෙහි ගමන් කළේය. අරමුදල් රැස්කිරීමේ හා ප්රචාරක රැලියකින් පසු වොෂිංටන් බලා පියාසර කරමින් සිටියදී හික්ස් අසනීප වූ බවත්, රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් පසු ඇය වෙනම කැබින් එකක හුදෙකලා කළ බවත් සඳහන්ව විය.
මිලර්ගේ බිරිඳ, කේටි මිලර් උප ජනාධිපති මයික් පෙන්ස්ගේ සන්නිවේදන අධ්යක්ෂිකාවයි. ඇය මේ වනවිටත් මාස කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැලඳී ඇති අතර, අඟහරුවාදා උදෑසන නැවතත් සෘණාත්මක ලෙස පරීක්ෂා කළාය.