චීන ජනාධිපති ෂී ජින්පිංගේ පූර්ව පටිගත කළ පණිවිඩයට පසුව චීනයේ එක්සත් ජාතීන්ගේ තානාපති ෂැං ජෑන් අදහස් දක්විමින් ට්රම්ප්ගේ චෝදනා පදනම් විරහිත බව පවසමින්, ඒවා ප්රතික්ෂේප කළේය.
පසුව නිව්යෝක් හි චීන දූත මණ්ඩලයේදී ඔහු එක්සත් ජනපදය වසංගතය හැසිරවූ ආකාරය සම්පූර්ණ අසාර්ථකත්වයක් ලෙස විස්තර කළ අතර, ට්රම්ප්ගේ චෝදනාවලට චීනය විධිමත් ලෙස සතිය අවසානයේදී පිළිතුරු දෙන බවද පැවසීය.
චින ජනාධිපතිවරයාගේ පණිවුඩයේදී ඔහු කියා සිටියේ, විවෘත හා සියලු දෙනා ඇතුළත් සංවර්ධනයක්, විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම සහ බහුපාර්ශ්වීය වෙළෙඳ තන්ත්රයක් තහවුරු කිරීම සඳහා තම රට කැපවීමෙන් කටයුතු කරන බවය.
එහිදී ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්රතික්ෂේප කළ යුතු බවද ෂී ජින්පිං කියා සිටියේය.
2030 ට පෙර CO2 විමෝචනය උපරිම ලෙස දැකීමත්, 2060 වනවිට කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීමත් චීනයේ අරමුණ බවද චීන නායකයා නිවේදනය කළේය.