www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
එක්සත් ජනපද ජනාධිපතිවරයා රෝහල්ගත කරන අවස්ථාව වනවිට ධවල මන්දිරයේ දසුන් තරමක් වෙනස්ම ස්වරූපයක් ගත් බව විදෙස් වාර්තා පවසයි.
සාමාන්‍යයෙන් මුඛ ආවරණ නොමැතිව ට්‍රම්ප් වටා සිටින ඔහුගේ සමීපතමයන් මුඛ ආවරණවලින් සැරසී සිටින ආකාරය දැකිය හැකි විය.
නිතර ඔවුන් තුළ දකින විනෝදකාමී ස්වරූපය වෙනුවට, තැතිගත් ස්වරූපයක් සියලු දෙනාගේ මුහුණුවල පැවති බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප් මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී වෝල්ටර් රීඩ් වෙත පැමිණි අතර, වෙනදාට ඔහුට ආචාර කරන ආරක්ෂක අංශද බොහෝ දුරින් සිටින ආකාරය දැකිය හැකි විය.
මේ අතර එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ට සමීපව සිටි ධවල මන්දිරයේ සියලු දෙනා වහාම කොවිඩ්-19 පරීක්ෂණයන්ට මුහුණ දී නිරෝධායනයට යොමුවිය යුතු බවයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd