ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික සහායකයෙකු ලෙස සේවය කරන එක්සත් ජනපද නාවික හමුදාවේ සාමාජිකයෙකු නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමත් සමග, ජනාධිපතිවරයා වෛරසයට නිරාවරණය වීම පිළිබඳව ධවල මන්දිරය යළි දෙගිඩියාවට පත්ව තිබේ.
මෙම පුද්ගලික සහායකයන් ධවල මන්දිරයට කැප වූ ප්‍රභූ හමුදා ඒකකයක සාමාජිකයන් වන අතර, බොහෝ විට ජනාධිපතිවරයාට සහ ජනාධිපති පවුලට ඉතා සමීපව කටයුතු කරයි.
එහිදී මෙම පුද්ගලික සහායකයා ධනාත්මක බව පරීක්ෂා කිරීමත් සමග ඒ බව දැනගත් ට්‍රම්ප් කනස්සල්ලට පත්ව ඇති අතර, පසුව ධවල මන්දිර වෛද්‍යවරයා විසින් වහාම ජනාධිපතිවරයාව කොවිඩ්-19 පරීක්ෂණයට යළිත් බඳුන් කර තිබේ.
ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් කියා සිටියේ, "ධවල මන්දිරයේ සේවය කරන එක්සත් ජනපද හමුදාවේ සාමාජිකයෙකු කොරොන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ධවල මන්දිර වෛද්‍ය ඒකකය විසින් මෑතකදී අපට දන්වා සිටියා. ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා එතැන් සිට කොවිඩ්-19 පරීක්ෂණ සඳහා සෘණාත්මක බව පරීක්ෂා කර ඇති අතර ඔවුන් සෞඛ්‍ය සම්පන්නව සිටිනවා."
මෙම පුද්ගලික සහායකයන් ජනාධිපතිවරයාට සහ ජනපති පවුලට විවිධ පෞද්ගලික කාර්යයන් සඳහා සහාය වේ. ජනාධිපතිවරයාගේ ආහාරපාන සඳහා සෑම අවස්ථාවකදීම වගකියන ඔවුන්, ජනාධිපතිවරයා රට තුළ හෝ රටින් පිටත සිටින විට ඔහු සමඟ ගමන් කරයි. අතීත ජනාධිපතිවරු මෙම කාරණා සඳහා පමණක් නොව විශ්වාසවන්තයන් ලෙසද ඔවුන් මත විශ්වාසය තබා ඇත. බොහෝවිට ජනාධිපතිවරයකුගේ පෞද්ගලික ජීවිතය පසුම්බිවල අභ්‍යන්තර දැක්මක් ඇති අය ලෙසද මොවුන් සැලකෙයි.