හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී. ඒකනායක මහතා රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙරට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී විවිධ අමාත්‍යධූර දැරූ ඒකනායක මහතා පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය.
ඒකනායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.