අපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.
එම නීතිඥවරයාට එරෙහිව අධිකරණයට යන බවත් ඒ පිළිබඳව නීතිඥ සංගමයට දැනුම් දෙන බවත් උන්වහන්සේ පැවැසූහ.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම පක්ෂයට ඡන්ද ප්‍රමාණය අඩුවීමට හේතුවූ බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය
මේ අනුව ඥානසාර හිමියන් පවා එම කාර්යය අත්හැරි නමුත් උන්වහන්සේ සමග සම්බන්ධ වෙමින් නැවතත් මැතිවරණය සක්‍රීය වූ බවත් රතන හිමියෝ පැවැසූය.
මෙහිදී පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ශාපයක් බවට පත්ව ඇති බවත් පරාජය වූවායින් පසුව තම විහාරස්ථානයට වැඩම කළේ සැහැල්ලුවෙන් බවත් උන්වහන්සේ සඳහන් කළහ.