ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය කල් යයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්දන වේගය වැඩිවීම හේතුවෙන් උන්වහන්සේට කිරීමට තිබූ ශල්‍යකර්මය කල්දැමීමට එම රෝහලේ වෛද්‍යවරුන් අද (13දා) තීරණය කර තිබේ.
උන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති ගල් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය අද දිනයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.
පැය 48ක කාලයක් ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්ධනය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ හෘද ස්පන්ධන වේගය යථා තත්ත්වයට පත්වනතුරු ශල්‍යකර්මයට අවශ්‍ය නිර්වින්දන කටයුතු සිදුකළ නොහැකි බවයි.
යළිත් වරක් අද දිනයේ සිට පැය 48ක කාලයක් උන්වහන්සේගේ හෘද ස්පන්ධනය පරීක්ෂාකර බලා ශල්‍යකර්මය සිදුකිරීමට කටයුතු යොදන බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.
අධිකරණය මඟින් වසර හයක සිර දඬුවමකට ලක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩසිටින රෝහල් වාට්ටුවට නිලධාරින් හතරදෙනෙකු විසින් ආරක්ෂාව සපයන බව වාර්තා වෙයි.

popular news
-
hari Tuesday, 14 August 2018 07:14 PM
ලෙඩ නැතුව බොරු කියන කොට කොහොමද බෙහෙත් කරනේ? කල් දම දමා ඉස්පිරිතාලේ ඉදියි.
Reply : 0 20
ravi Saturday, 18 August 2018 12:41 PM
එකනේ අපි කියන්නේ .. ලෝකයේ හොඳම වයිද්යවරු ඉන්නේ අපේ රටේ කියල .. :) මුන් මේ කොහෙන් හරි දුෂණ වංචාවලින් හද හදාගත්ත ව්‍යද්‍ය උපාදියක් තියන පුද්ගලයෝ, ඉතින් මෙයාලට කරන්න පුළුවන් , මේ වගේ දුෂණ පෝෂණය කිරීම පමණයි .. !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

