ඥානසාර හිමිට ජනපති සමාවක් ලබාගන්න පුළුවන් වේවි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවමක් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉන් නිදහස් කර ගැනීමට සාර්ථකම පියවර වන්නේ ජනපති සමාවක් ලබාගැනීම බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.
භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (13දා) උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මහ නාහිමියෝ මෙම අදහස් ප්‍රකාශ කළහ.
“මේ පිළිබඳව යම් සනයක් ලබා ගැනීමට නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. ඉක්මනින්ම සංඝ සභාව රැස්වෙලා සංඝ සභාවේ තීරණය ප්‍රකාශයට පත්කරනවා.
අපි නීතිමය ප්‍රශ්ණයකට මුහුණදී තිබෙන්නේ. සියලුම මහා සංඝරතරනය මේ වෙනුවෙන් මැදිහත්ව ක්‍රියාත්මක වෙනු ඇති. ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේ කටයුතු කරන්නේ පෞද්ගලික අභිමතාර්ත සඳහා නොවෙයි. පොදුවේ ශාසනය පිළිබඳවත්, රට පිළිබඳවත්, සංඝයා පිළිබඳවත් කල්පනා කරලයි යම් යම් ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ. ඒක අපි හොඳට දන්නවා.
ජනාධිපතිතුමාගේ සමාවක් තමයි වඩාත් සාර්ථකම පියවර. ඒක අපි කරුණු පැහැදිලි කරලා ඉදිරිපත් කළා. මම හිතනවා එවැනි සහනයක් ලබාගන්න පුළුවන් වේවි කියලා.” යැයි පැවසූහ.

popular news
-
rocky Monday, 13 August 2018 08:06 PM
ජනපතිතුමා සමාවක් දුන්නොත් එය ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් වනු ඇත. ඒ හැරත් ජනාධිපතිතුමා අප්‍රසාදයට පත්වීමත් නිසැකයි! කුමන ආගමක පුජකයෙක් වුවත් රටේ වලංගු නීතියට යටත් විය යුතුයි නේද?
Reply : 0 0
sg Monday, 13 August 2018 11:31 PM
සෑම දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
