ඥානසාර හිමිට අවුරුදු 19ක සිර දඬුවමක්
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේට වසර 19 බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන ලබාදුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු වන ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න ඇතුළු විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම සිර දඬුවම නියම කෙරිණි.
ඥානසාර හිමියන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
සබැඳි පුවත්
ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ තීන්දුව

popular news
-
Ruwan Wednesday, 08 August 2018 11:30 AM
මේ පුද්ගලයා මේක කොහොම හරි දැනගෙන හොර නාදයෙන් සල්ලික් දීලා වාර්තාවක් අරගෙන් රෝහල් ගත වුනා වෙලාවට. හොර නාදය ගැන තවත් සහතිකයක් මෙයින් ඔබ සැමට දන ගත හැකිය.
Reply : 1139 628
Champa Wednesday, 08 August 2018 05:37 PM
කමක් නැහැ. වහල් ආණ්ඩුව මීට වඩා දේවල් කරයි ලබන අවුරුද්දේ බෞද්ධයන් වට්ටන්න හිතන්. තව අපේ නායකයෝ හිරේ දායි. ඒ හින්ද සැලෙන්න හොඳ නැහැ. සිංහල අපි කවදාවත් අභියෝග හමුවේ අඬා වැටුනේ නැහැ තව තවත් ශක්තිමත් වුනා මිසක්. අපි කවදාවත් දණ ගැහුවෙත් නැහැ. -සිංහල අපි හැමෝම මතක තියා ගන්න ඕනේ අපේ ශක්තිය තියෙන්නේ අපේ එකමුතුකම උඩ කියලා. අපි බෙදුනොත් දිනන්නේ වහල් ආණ්ඩුව. හිටපු ජනාධිපතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ සමහරුන්ගේ වඳුරු නැටුම් නැවැත්තුව නම් හොඳයි. මිනිස්සු කලකිරෙනවා ඒවා දැකල. -- සැප්තැම්බර් 5 නේද අර අනිත් රැලිය? මුළු රටම එකා වගේ පාරට ගමු. අපේ බලය වහල් ආණ්ඩුවට පෙන්වමු. ඊළඟ අවුරුද්දේ ඊට වඩා දේවල් කරන්න වෙනවා. ජනාධිපතිවරණෙ නොතිය ඉන්න ලැස්ති වෙයි. ඒ හින්දා ලබන අවුරුද්ද හරිම තීරණාත්මකයි. හමුදාපතිත් දැන් පොලිස්පති වගේම දේශපාලනය කරනවා. ආයෝජන කියලා කොටි ඩියස්පෝරාව ගෙනැල්ල උතුරේ චන්ද ප්‍රමානේ වැඩි කරන්න හදනවා. හමුදවට පොලිස් බලතල දෙන්න හදන්නේ මත්කුඩු වැටලීම් කරන්න කිව්වට, මේ හදන්නේ හමුදාව ලව්වා ජනතාව මර්දනය කරන්න. හිටපු ජනාධිපතිතුමාත් කිව්වා මේක. රට හමුදා පාලනයකට නතු කරන එකට මුළු රටම විරුද්ධව විය යුතුයි.
Reply : 0 11
Champa Wednesday, 08 August 2018 05:42 PM
දැන් ඊළඟට රන්ජන් රාමනායකගේ වාරේ. නීතිය සැමට එක හා සමාන නම්, රන්ජන්ටත් බරපතල වැඩ ඇතුව අවුරුදු 19ක සිර දඬුවමක් ලැබෙන්න ඕනේ. --- නැහැනේ. රන්ජන්ට මේ වගේ දෙගුණයක දඬුවමක් ලැබෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් ඥානසාර හාමුදුරුවෝ වගේ නෙමෙයි රන්ජන් අධිකරණයටයි විනිශ්චයකාරවරුන්ටයිකෙලින්ම බරපතල අපහාසයක් කළා බරපතල චරිත ඝාතනයක් කළා. ඒ හින්ද ඉතාම බරපතල දඬුවමක් ලැබෙන්න ඕනේ.
Reply : 0 2
Kumar Thursday, 09 August 2018 09:54 PM
කළකම් පලදෙනව කියන්නේ ඕකටද. මහේත්‍රාත් ලගට ගිය අවස්ථාවේ තමාගේ වදරදට උසාවියෙන් සමව අයදුවානම් සිරඩුවම ලැබෙන්න හේතුවක් නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
