පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරිමට අදාළ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබී තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. උන්වහන්සේ නිදහස ලැබෙනු ඇතැයි අදහසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට මේ වන විට විශාල පිරිසක් පැමිණ තිබේ.
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පූර්ණ නිදහස ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ලිපියේ සඳහන් බවද වාර්තා වෙයි.



