
එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා කල්පනා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සාකච්ඡා කර ආසනයෙන් ඉල්ලා අස්වීමේ තීරණය ගන්නා බවද ඊයේ (28දා) දින %අද^ පුවත්පත කළ විමසීමකදී මන්ත්රීවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේදී ලැබුණු ප්රතිඵලය ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්, තමා වත්තල ආසනය ජය ගත්තද මීට වඩා ජයග්රහණයක් අපේක්ෂා කළ බවත් හෙතෙම ප්රකාශ කළේය.
ඒ අනුව මන්ත්රී ධුරයෙන් විශ්රාම ගැනීමට කාලය එළඹ ඇති බවත්, වර්තමාන වියදම් දෙස බැලීමේදී මහ මැතිවරණයට තරග කිරීම පහසු කාර්යක් නොවන බවත් ජෝන් අමරතුංග මහතා පැවසීය.
එසේම දශක හතරක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස අත්දැකීම් ලබාගෙන ඇති තමන්ට ක්රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවද ඒ මහතා ප්රකාශ කළේය.