ජොනීගේ ඇප ඉල්ලීම ඉවතට
ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනා මත පවරා ඇති නඩුවේ විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම් පත්‍රය අභියාචනාධිකරණය අද (17දා) නිශ්ප්‍රභ කළේය.
කුරුණෑගල මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම් පත්‍රය සලකා බැලූ ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම ප්රතිශෝධන අයැදුම් පත්‍රය එලෙස නිශ්ප්‍රභ කළේය.
හිටපු සමූපකාර, අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කොට තිබූ මෙම ප්රතිශෝධන අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කොට ඇත.
popular news
-
Champa Monday, 17 September 2018 05:29 PM
අසාධාරණයි නේද? නඩුව හැමදාම අහනවා කියලනේ හිරේ දැම්මේ. එහෙම කලාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
