ජාතික සමූපකාර ප්‍රතිපත්තිය ක්‍රියත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යෝජිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනිමටද මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන සංශෝධිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සකස් කළ අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
