ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4,286 දෙනෙකුට ලබන මසදි ගුරු පත්වීම්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රථීඵල මත 4,286 දෙනෙකුට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙවර පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම පත්වීම් පිරිනැමීම සඳහා පළාත් නවයේම ජාතික පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා ලබා ගෙන ඇත.
එම වාර්තා අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3,748කි.
මෙම පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉතිරිය පළාත් පාසල්වලට පත් කිරීම සඳහා පළාත් සභා වෙත යොමු කිරීමටද නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
