ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දි සිදු විය.
අන්තර්ජාතික වෙළෙදාම සඳහා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කලක සිට සංවාදයට ලක් විය. ඒ වෙනුවෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මහජන කොමිසමක් පත් කරනු ලැබීය. කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් ලබාදුන් අදහස්වල සාරාංශය යෝජනාවලියට ඇතුළත්ය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ ය.
“නෛතික නිදහසින් වසර 72කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා”යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිතුමා එක්විය.
මෙවන් ප්‍රතිපත්තියක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආණ්ඩු මාරුවිමේ දී ආර්ථික ප්‍රතිපත්ති ද විවිධ වෙනස්කම්වලට ලක් වේ. එය රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට යහපත් තත්ත්වයක් නොවන බව ද මෙහිදී අවධාරණය කෙරිණ.
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-
waruna Wednesday, 05 February 2020 10:10 AM
වෛද්‍ය වරුනට අයත් නැති වෙළද ප්‍රතිපත්ති සැදීමට කලින් ඔවුන්ට ආචාර ධර්ම පද්දතිය සද ගත්තනම් කොතරම් වටීද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

