ජාතික භික්ෂු පෙරමුණේ සහාය ජවිපෙ අපේක්ෂකයාට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රට ගොඩ නැගිය හැකි, වංචාවෙන් දූෂණයෙන් තොර අපේක්ෂකයාට පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
අතිබහුතරයක් පක්ෂ ජනතාව අතර ප්‍රතික්ෂේප වූ, වංචාව දූෂණය සහිත අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවට පෙන්නුම් කරමින් තිබෙන බවද එම සංවිධානයේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් රටම පිළිගන්නා වංචාවෙන්, දූෂණයෙන් තොර, රට ගොඩනැගිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බැවින් එම අපේක්ෂකයාට ජාතික භික්ෂු පෙරමුණේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම හිමියෝ සඳහන් කර සිටියහ.

popular news
-
Don Friday, 16 August 2019 08:37 AM
ජාතික භික්ෂු පෙරමුණේ ඉන්නේ බුද්ධාගමේ අයද? ලංකාවේ හිටිය දේශී ත්‍රස්තවාදියෝ JVP කාරයෝ. උන් තමයි මුළු ලෝකෙටම සිංහල ජාතිය එපාකලේ. දුගී දුප්පතුන් මරල දැම්මේ. පෝසතුන් හෝටල්වල ඉන්දෙද්ද්දී, උන්ගේ ඇඳිරි නීතියක් මවල අහිංසකයන් මරා දැම්මේ. මේ සාධුලට හොඳටම පිස්සු.
Reply : 0 2
lion Friday, 16 August 2019 11:08 AM
කතාව ඇත්ත උනත් බික්ෂුන් දේශපාලනේට nopaminiyauthui
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

