ජාතික පාසල්වල ගුරුවරුන්ට අකිලගෙන් විශේෂ වරප්‍රසාදයක්
තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටලුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි.
මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කරයි.
පාසල්වලට දරුවන් ඇතුළත් කිරිම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු දෙමවුපියන්ගේ දැනගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයදුම්පත් යොමුකිරීමට හැකිවන අයුරින්, වඩාත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත ඉතිහාසයේ පළමුවරට ක්‍රියාත්මක කර තිබේ.
කෂිනි හපුආරච්චි

popular news
-
ලසන්ත Wednesday, 10 July 2019 06:32 PM
ජාතික පාසැල්වල ගුරුවරුන්ගේ ඡන්දෙන්ම දිනන්න ඇමතිතුමා.පුළුවන් නම් පක්ෂයත් දිනවලා පෙන්වන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

